දේශපාලන පක්ශ යනු...
දේශපාලන පක්ෂවල කාර්යභාර්ය පිළිබඳ විමසීමේදී එය විහිළු සහගත ප්රශ්නයකැයි ඔබට සිතෙනු ඇත. එහෙත් දේශපාලන පක්ෂ සතුව අප සිතනවාට වඩා එහා ගිය කාර්යභාරයක් පවතින බව අපට පෙනීයයි. වර්තමාන සමාජ ක්රමය තුළ තුල දේශපාලනය යන්න අතිශය විහිලුවක් ව පැවතීම තුළ ජනතාව විසින් උක්ත ප්රශ්නය ද විහිලුවක් කොට බැහැර කරන අන්දම අපට දැකිය හැකිය. එහෙත් දේශපාලන පක්ෂය සතු කාර්යභාරය අප විසින් මැනවින්අවබෝධ කොටගත යුතුය. එය සබුද්ධික දේශපාලන සත්වයෙකු ලෙස ජීවත්වීමට පමණක් නොව, ශ්රී ලංකාව දේශපාලනික වශයෙන් සවිබල ගැන්වීම කෙරෙහි ද යහපත් බලපෑමක් එල්ල කරනු ඇත. දේශපාලන පක්ෂ ක්රම ලොව පුරා ප්රධාන ප්රධාන වර්ග තුනකි.
1. ඒක පක්ෂ ක්රමය.
2.ද්වි පක්ෂ ක්රමය.
3. බහු පක්ෂ ක්රමය.
සෝවියට් දේශයේ කොමියුනිස්ට් පක්ශ ලාංඡනය.
ඇමරිකාවේ ඩිමොක්රටික් හා රිපබ්ලිකන් යන ප්රධාන පක්ශ දෙකේ ලාංඡනය.
බහු පක්ෂ දේශපාලන ක්රමයක් ද ක්රියාත්මක වන ආකාරයක් ලොව පුරා විමසීමේදී අපට දැකිය හැකිය මෙහිදී පක්ෂ දෙකකට වැඩි ප්රමාණයක් විසින් රටේ සමස්ත දේශපාලනයට බලපෑමක් එල්ල කරයි පක්ෂ දෙකකට පමණක් සීමා නොවී සෙසු පක්ෂවලට ද අපේ දේශපාලන බලය අල්ලා ගැනීමට ඉඩ ප්රස්ථා පවතින බව මේ ක්රමය දෙස විමසීමේදී අපට පෙනී යයි පෙනීයයි මේ ක්රමයට උදාහරණ වශයෙන් ඉන්දියාව හා ප්රංශය යන රටවල් අපට දැක්විය හැකිය.
ප්රංශයේ දේශපාලන පක්ශ
දේශපාලන පක්ෂ ක්රම පිළිබඳව අපට ඉහත අයුරින් සාරාංශ කොට දැක්වීමේ හැකියාව පවතී....
...දේශපාලන පක්ෂවල කාර්යභාරය කවරේද මීළඟ ලිපියෙන් හමුවෙමු....



Comments
Post a Comment